Tuesday, May 31, 2011

නීල් අයියාගේ බණ ඇහිල්ල...







ඔන්න මේ සැරේ සම්බුද්ධත්ව ජයන්තියට අපේ ගමේ පන්සලේ ධර්ම දේශනා සතියක් පවත්වන්න තීරණේ කරලා තිබුණා. ඉතින් පලවෙනි දවසේ අපේ සෙට් එකේ මමයි. කබ්බයි. ධනියයි යන්න සෙට්වුණා. ගමේ වැඩේනේ. තව ඉතින් කාලෙකින් බණක් ඇහුවෙත් නැති නිසා අපි තුන්දෙනා බණ අහන්න ගියා.

   ඔන්න ඉතින් අපි බණ මඩුවට යද්දිත් හාමුදුරුවෝ ආසනේට වැඩලා බණ පටන් ගන්න පන්සිල් දෙනවා. හාමුදුරුවෝ කව්ද කියලා දැක්කම අපේ ඉහමොල රත්වුණා. විද්‍යාරතනේ ලොකු හාමුදුරුවෝ..අනිවා අදනං ගමේ ඇත්තෝ බරගාණක් අමු බැණුම් අහනවා වගේම අන්තිමට ගමේ සේරම එකතුවෙලා හාමුදුරුවන්ටත් බනිනවා ෂුවර්.


 අපේ කරුමෙද මන්ද අපි ඇතුල් වෙද්දිම නීල් අයියා ඉන්නවා බිත්තියක් ගාව. නීල් අයියා කියන්නේ වයස තිහත් පැනපු පොරක් තාමත් තනිකඩයි. ටිකක් විතර මෝඩ පහේ පොරක් හැබැයි හැමදාම පන්සලේ. ඉතින් නීල් අයියා අපි දැක්කා විතරයි හා...මල්ලිලා...වරෙන් වරෙන් මෙතෙන්ට..මෙතන ඉඩතියනවා...වරෙන්

  දැන් ඉතිං මොනවා කරන්නද අපේ එවුන් දන්නවා මේ යකා එක්ක හිටියොත් අපේත් පටිරෝල් කියලා. ඒත් කරන්න දෙයක් නැති කමට වාඩිවුණා. ඉතින් ඔන්න හාමුදුරුවෝ එක බණපදයක් කියලා බනින්න ගත්තා රටට ජාතියට ගමට සේරටම. ඒ විද්‍යාරතනේ ලොකු හාමුදුරුවන්ගේ ස්ටයිල් එක. ඔන්න පැය භාගයක් විතර ගියා. රෑ 8.30 විතර වෙලා. දැන් නීල් අයියා නිදිමතේ කැරකෙනවා. නිකං හෙලිකොප්ටරේ වගේ ඒ අස්සේ එහෙං මෙහෙං කහනවා. හරි ධාර්මික විදියට බණ අහන අපිට ඕක හරි කරදරයක්. 

  ඔන්න බණේ දරුණුම කොටස  ආවා..හාමුදුරුවෝ බණිනවා ‍ග‍මේ එවුන්ගේ වැඩ වලට. සම්බුද්ධත්ව ජයන්තියට හංදියේ ගහපු තොරණේ ඉදං පන්සලේ බණ මඩුව දක්වාම බැනගෙන ආවා. ඔය අතරේ නීල් කාරයා හොඳටම නිදි. ඔන්න හාමුදුරුවෝ තවත් ෆෝම් වෙලා බනිනවා හතර වටේටම. ඒත් ඒ අත‍රේ ප්‍රශ්නත් අහනවා. ඔන්න හාමුදුරුවො මල පැනලා ඉන්න ගමන් ප්‍රශ්නයක් ඇහුවා.

  කවුද කැමති...මේ ජීවිතේ නිකං කාලකණ්ණියෙක් වගේ ජීවත්වෙලා මොකුත් නොකර මැරිලා යන්න?...කව්ද කැමති...කියමු බලන්න..

ගමේ එවුන් හොල්මන් වෙලා වෙව්ල වෙව්ල හාමුදුරුවන්ගේ ගෝරනාඩුව අහං ඉන්නවා මිසක් එකෙක් කට හොල්ලන්නේ නෑ..අපිත් පුල් හොල්මන්..

  මෙන්න යකෝ මේ අතරේ නිදිමරගාතේ හිටපු නීල් කාරයා කඳ කෙලින් කරලා එහෙට මෙහෙට ඇඹරෙනවා..හාමුදුරුවෝ අර ප්‍රශ්නේ ආයෙත් ආයෙත් අර ප්‍රශ්නේ අහනවා යකා වගේ...

 මෙන්න මෙහෙම ඇඹරි අඹරි හිටපු නීලය එක අතක් උස්සගෙන දමාගෙන කිහිල්ල කහනවා..අම්මට උඩු ඒක දැකපු පාර මගේ කටේ කෙල හිඳුනා ..අපේ සෙට් එකම රත්වුණා ඒකට..මෙන්න යකා වගේ හිටපු හාමුදුරුවෝ මේක දැක්ක..කව්ද යකෝ කාළකණ්ණියෙක් වගේ මැරෙන්න කැමති එකා..හාමුදුරුවෝ හිතුවේ කිණ්ඩියට තමයි අත ඉස්සුවේ කියලා..හාමුදුරුවෝ දන්නවද මේ යකාගේ හැටි..හාමුදුරුවෝ මල යකා වගේ නීල්ට කෑගැහුවා.

    ඈ බොල මි‍නිහෝ තෝ කැමතිද ඒකට...? හාමුදුරුවො යකා වගේ

    නීල් කාරයා බය වෙලා ඇහුවා තමන්ට කියලා

    මටද හාමුදුරුවනේ?....නීලයා බයවෙලා ඇහුවා
    ඔව් තොට තමයි...ඈ බොල මිනිහෝ තෝ කැමතිද කාළකණ්ණියෙක් වගේ මැරිලා යන්න.

   නෑ හාමුදුරුවනේ....නීල් ඉස්පයිත්තයන්වෙලා වගේ කිව්වා..

   එහෙනම් මොකයද බොල අත ඉස්සුවේ...හාමුදුරුවන්ටත් මල

   කිහිල්ල කහන්න හාමුදුරුවනේ...නීල් කිව්වා

 

4 comments:

  1. හාමුදුරුවො එතනම ..ක පොලේ ගහගත්තෙ නැද්ද?...

    ReplyDelete
  2. අම්මපා බන්..මං හිතන්නේ ඕක තමයි ලොකු හාමුදුරුවන්ගේ අපේ ගමේ කියපු අන්තිම බණපොඩ්ඩ

    ReplyDelete
  3. හාමුදුරුවන්ට බනින්න තව පොටක් අහුවෙන්න ඇති

    ReplyDelete
  4. නෑ බං..දැං ඕක අල්ලගෙන වෙන කොහේ කොහේ හරි බැන බැන යනවා ඇති

    ReplyDelete