Sunday, May 15, 2011

මුවාගේ Love එක - 2 කොටස


 මුවාගේ Love එක - 1 කොටස බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ඒක බලන්න පුලුවන්. ඉතින් ඔන්න අද දෙවනි කොටස ලියන්න යන මොහොතේ මතක් කරන්න ඕන මේ ස්ටෝරියේ මට අමතක වෙන තැන් මතක් කරලා දෙන්නේ අපේ අහිංසක කබ්බා මල්ලි.

   ඔන්න ඉතින් අපි සෙට් එකම හා හා පුරා කියලා ඒ ලෙවල් ඉකෝන ක්ලාස් එකේ බාගෙට පිරිමින්ට අයත් පේලි දෙකක බොහෝම අපහසුතාවයෙන් වාඩිවෙලා ඉන්නවා. අපේ එකෙක්ගේවත් මූණ එච්චර හොද නෑ. මමයි.මුවයි.කබ්බයි.ජිම් කාරයයි එක පේලියක.මේක සාංඝික පේලියට පස්සේ පේලිය. මේ අංශක අනූවක් විතර ඈන්ගල් කරලා හදපු කොටසක තමයි මේ ඩෙස් ටික ති‍බුණේ ඒක නිසා වම් පැත්ත බැලුවාත් ගෑණු දැරිවියොටික අහිංසක විදයට බලං ඉන්නවා කෙලින් බැලුවොත් ස්ටේජ් එක. පස්සේ පේලියේ හිටියේ ටුබේ.ලකී.භූතයා.බූලා සහ කුලේ. අපේ කබ්බත් හිටිය. කලින්ම කියන්න ඕන අපේ කබ්බයි මමයි එකම ප්‍රාන්තේ.එකම දවසේ.එකම නගරේ උපන් එක වගේ පොරවල් දෙකක්. කබ්බයි මමයි ප්‍රාථමිකේ හිටියෙත් එකට. පස්සේ සිස්සත්තෙන් මට ට්‍රාන්සර් එකක් ලැබුණා. කබ්බයි . ටුබේයයි කලේ ආර්ට් නිසා අපිට උන් දෙන්නා සෙට් වුණේ ඉකෝන් ක්ලාස් එකේ විතරක් නිසා කට්ටියම රසගන්නේ මේ ක්ලාස් එකේ තමයි.
   ඔන්න ඉතින් ක්ලාස් එක පටන් ගන්න ටික වෙලාවක් තියනවා. අපි නලිය නලිය ඉන්න අතරේ කන්ද උඩ සර් ආවා. හීන්දෑරි පොර ඇවිත් මයික් එක ගත්තා අතට...පුස්...පුස්...ටොක් ගෑවා...සර් ගැන විනාඩි පහක විස්තරයක් කිව්වා. ඉකෝන් ගැන විනාඩි දෙකක විස්තරයක් කිව්වා. හරි ළමයි අපි වැඩ පටන් ගමු කියලා ලියන්න ගත්තා.

  අම්මපා ලියනවා ලියනවා  ඉවරයක් නෑ. කෙලි පොඩිත්‍තියෙක්ගේ මූණක් වත් බලන්න විදියක් නැතිව අපේ එවුන් පොලවේ පස්කන්න වගේම සර්ගේ අහිංසක දෙමව්පියන් පවා මතක් කරනවා. හත්තිලව්වේ ලියන එක ඉවරවුනේ ඉන්ටර්වල එකටම තමයි. ඉතින් ඉන්ටර්වල් දීපු ගමන් අපේ එවුන් අම්මෝ කියලා අත්බදා ගත්තා. අපේ සෙට් එක නැගිටලා ක්ලාස් එකෙන් එලියට යන්න යනවා. සේරම වගේ වෙබ් කැම් එක දාගෙන ඉන්නේ කෙලිපොඩිත්‍තියෝ පැත්තට. 
  අම්මට උඩු මෙන්න ඉන්නවා මගේ පරණ කැච් එකකුත්. ඒක හිතාමතාම ඩ්‍රොප්කරපු කැච් එකක් නිසා මම හිමීට මුවාට මුවා වුණා. ඔන්න තව දන්න කෙල්ලෝ කිප දෙනෙක් හිටිය. කල්පනී.චතූ.පෙම්බර මධූ.ඉසූ වගේ දන්න කියන අය අතරේ දකුණු පලාතෙම ප්‍රසිද්ධ ගෑණු ළමයිතුත් හිටිය. ඔය අතරේ අපේ මුවාගේ වෙබ් කැම් එක එහේ මෙහේ කැරකෙවී තිබිලා සෙන්ටර් වුණානේ තැනකට. අප්පේ ක්ලාස් එක කෙල්ලන්ගෙන් මූත් එක්ක හිනාවුණානේ එක කෙල්ලෙක්.

   අපේ සෙට්එකටම හිතාගන්න බැරිවුණා වගේම ජෙලත් වැඩිවුණා. අපේ එවුන් එකාට එකා මූණ බලා ගත්තා.මුවා දැම්මා නේද ඒකිට රිප්ලයි ස්මයිල් එකක් නිකං හංතානේ කතාවේ විජේ කුමාරතුංග වගේ. අම්මට උඩු කෙල්ලත් ෆුල් හොල්මන්. ඒකි විතරක් නෙවෙයි අපිත් හොල්මන්. ඇයි දෙයියනේ මෙච්චර මිස්ට සිලෝන් වගේ කොල්ලෝ සෙට් එකක් ඉදිද්දි මේකි මේ හාල්පාන්කොස්සා එක්කම හිනාවුණේ කියලා. අපේ සෙට් එකේ මුවා ඇරෙන්න අනිත් හැම එකාම ෆුල් ඩිසපොයින්ටඩ්. මුවා නම් මේ හිනාව දැක්කට පස්සේ කැකිරි පලනවා තනියම. ඩෙස් හතර පහකම හැප්පුණා. අඩි අටක් විතර උස උළුවස්සෙත් හැපුපුනා. ටැප් එක අරින්නේ නැතුව වතුර බිව්වා. ටොයිලට් එක කියලා බුදු මැදුරට රිංගුවා. ගේට්ටුව ඇරලා තියෙද්දිත් අමාරුවෙන් ගේට්ටුවෙන් පැන්නා. මුවා බුල් කෙලිනවා ඉවරයක් නෑ. ඒත් අපේ එවුන්ගේ සද්දයක්වත් නෑ.
 අපේ එවුන් කල්පනා කලේ එක්කෝ මේකි මුවා අදුරන කෙල්ලෙක්. නෑ වෙන්න බෑ.එහෙනම් මුවා මෙච්චර බුල් කෙලින්නේ නෑ. නැත්තං කෙල්ල හිනාවුණේ මුවා  එක්ක නෙවෙයි. එහෙනම් අපි එක්කද? නෑ එහෙනම් මුවා රිප්ලයි හිනාව දැම්මම ඒකි ආයෙත් හිනාවුණානේ. දෙයියනේ දැන්නං මේක අපේ සෙට් එකටම ජාතික ප්‍රශ්නයක්. මුවා බුල් කෙලිද්දි අපේ සෙට් එකම තාප්පෙට කකුලක් ගහගෙන නියපොතු කකා මේක කල්පනා කරනවා ඉවරයක් නෑ.

  - මුවා සමගින් කෙල්ල හිනාවුණේ ඇයි? අපිටත් ප්‍රශ්නයක් ඒක බලමුකෝ ඊළග කොටසෙදි-

6 comments:

  1. මොකද්ද බං කරන්නේ ආතල්ම හරිය උඹ කපලා දාලානේ...

    ReplyDelete
  2. "ගේට්ටුව ඇරලා තියෙද්දිත් අමාරුවෙන් ගේට්ටුවෙන් පැන්නා"
    මුවා සෑහෙන්න ෂෝර්ට් වෙලා වගේ...

    ReplyDelete
  3. ඒ එකදිගට දාපන් බන්... උඹ ගති හරියට එද්දිම නවත්තනවනෙ... ;)

    ReplyDelete
  4. ඉවසන දනා රුපුයුදයට ජය කොඩිය..ටිකක් ඉවසලා ඉදපන් මචංලා...ටික ටික දාන්නේ දිගටම ලියන්න අමාරු නිසා බං

    ReplyDelete
  5. ඒකනේ බං අපේ මචංලට ඕක තේරෙන්නේ නෑ නේ

    ReplyDelete
  6. මුවා මුව මායම් දාලා ......

    ReplyDelete