Wednesday, May 18, 2011

මුවාගේ Love එක - 3 කොටස

ඔන්න හිතවතුනි තුන්වෙනි කොටස දාන්න ටිකක් පරක්කු වුණාට. වෙසක් සිරියෙන් කුපිත වෙලා හිටපු නිසයි එහෙම වුණේ. තව ඉතින් අපේ සෙට් එකම කාලෙකට පස්සේ වෙසක් පෙරහැර දවසේ සෙට් වුණා. එතකොට පරණ කතා මතක් වුණා. ඔන්න මුවාගේ Love එක පරණ කොටස් කියවපු නැති අයට

                   මුවාගේ Love එක - 1 කොටස 
                             මුවාගේ Love එක - 2 කොටස 

 ඔන්න ඉතින් කොතනින් ද නැවැත්තුවේ. ඒකත් මතක නෑ. හරි හරි දැන් ඉකෝන් ක්ලාස් එකේ වෙරි පස්ට් ඩේ එකේම මුවාට ඇහැට කණට පේන කෙල්ලෙක්ගෙන් ලැබුණු හිනා පොජ්ජට අපේ සෙට් එකම විකාර වෙලා හිටියේ. ඉතින් ඔන්න එදා ක්ලාස් ඉවරවෙලා යද්දි මමයි මුවයි දෙන්නා එක ෂීට් එකේ. ඉතින් මුවා හිනා බේරි බේරි ඉන්නවා. මට ඉවසගෙන ඉන්න බැරිතැනම ඇහුවා ප්‍රශ්නේ

  "මචං මුවා අර ක්ලාස් එකේදි තෝත් එක්ක හිනාවුණ කෙල්ල කව්ද?"
 "දන්නෑ බං එළා...පට්ට කෑල්ල නේ බං"

 "හ්ම්ම්ම්..." මං ඉතිං ඉරිසියාව තද කරගෙන හූමිටි තියනවා.

 "එහෙනං මොන බම්බුවටද තෝ එක්ක හිනාවුණේ..." මට මළපැනලා ඇහුවා

 "කව්ද දන්නේ බං...මං ක්ලාස් එකේ ඉන්ටර්වල් එකෙන් පස්සෙත් ඇහැ දාගෙන හිටියා..පස්සෙත් ඒකි හිනාවුණා බං..ඒකි ගොඩ වගේ බං" මුවා ලව් සික් වෙලා දගලනවා. බස් එක ස්ටෑන්ඩ් එකටත් ආවා. තව බස්‍ එකක යන්න තියන නිසා මමයි.මුවයි.කබ්බය බස් එකකට නැග්ගා. අනිත් එවුන් යන්නේ අනිත් පාරෙ බස් එකක.

  ඉතින් ඔන්න එදා ගෙදර ගිහිල්ලා මම බරදාගෙන කල්පනා කලා. පස්සේ ජෙල පැත්තකින් තියලා හිතාගත්තා මුවා කියන්නේ කොච්චර වලත්තයා වුණත් මගේ එකට ඉන්න යාළුවෙක්නේ. ඒක නිසා කොච්චර වුණත් ඌට හෙල්ප් එකක් දෙන්න ඕන කියලා මට හිතුනා. අපි කොච්චර ලව් කලත් අහිංසක මුවා ලව්කරලා නෑ නේ ඉතිං මං තීරණය කලා මගේ ලව් අත්දැකීම් උපයෝගී කරගෙන මුවාට හෙල්ප් එකක් දෙන්න.

   ඉතින් ඔන්න  ඉකෝන් ක්ලාස් එක වගේම අපේ ඒ ලෙවල් ජිවිතෙත් නැගලා යනවා. මුවත් බරටම ලව් සික් එකේම වැඩ. ඉතින් ඔන්න මුවා බුද්ධ අංශ මෙහෙයවලා කෙල්ලගේ නම.ගම ආගම ජාතිය කුලේ අරවා මේවා ඕන මගුලයි එපා මගුලයි හැමදේම හොයාගෙන තිබුණා. ඉතින් ඔන්න දවසක් මුවා මේ බුද්ධි අංශ වාර්තාව ඉස්කෝලෙදි මං ඉදිරියේ දිගඇරියා.

  මුවාගේ වාර්තාවට අනුව කෙල්ල ජීවත් වුණේ අපේ ටවුන් එකට හූ දාහතරක් විතර දුර තියන පොඩි ටවුන් එකක. ඒ කිගේ ඉස්කොලේ කු‍රුල්ලෙක්ගේ නම තියන වෙලක් ගැන සදහන් වෙනවා. ඉතින් කෙලි පොඩිත්තගේ නම තමයි නයනා. ඒ ලෙවල් ක‍රන්නේ ආට් වලින්. ඒකි ඉතින් හොද ඇහැට කණට පේන කෙල්ලෙක් කියලා කලින් කිව්වනේ. ඒකිගේ බෙස්ට් ප්‍රෙන්ඩ්ස්ලා දෙන්නත් මුවාට හෙල්ප් වගේලු.

  ඉතින් ඔන්න දවසක් ඉකෝන් ක්ලාස් එකට අපි යද්දි මුවා හොදට ඉඩ තියන තැනක් අල්ලගෙන නයනා එක්ක හිනා හුවමාරුවක නිරතවෙනවා. ඉතින් මේක අපේ සෙට් එකේ ඇස්වලට කටු අණින්න වගේ අමාරු වුණත් ජිම් මැදහත් වෙලා කස්ටියම ඒකාබද්ධ ගිවිසුමකට ගෙනාවා.

"මචං කව්රුවත් මුවාට බකට් දාන්නවත් ඌ නෝන්ඩි කරන්නවත් යන්න එපා. උගේ පලවෙනි ආදරේනේ ඉතින් අපි පුළුවන් විදියට ඕකට සම්මාදම් වෙමු" ඉතින් ජිම් ඔහොම කිව්වට පස්සේ අපේ සෙට් එකම හිත හදාගෙන පන්තියේ වාඩි වුණා. මුවා මේ මොකුත් දන්නෑ ඌ හිනා හුවමාරුකර කර ඉන්නවා.

   ඉතිං ඔන්න ඔහොම සති දෙකක් විතර ගෙවුණා. කෙල්ලයි කෙල්ලගේ යාළුවෝ දෙන්නයි මුවා එක්ක ටික ටික කතාකරන්න පටන් ගත්තා. ඌ එක්ක විතරක් නෙවෙයි මම.ටුබේ සහ ජිම් එක්කත්(අනිත් එවුන් සක්කිලි කියලා ඕනම ඇස්පේන කෙල්ලෙකුට තේරුම් ගන්න පුළුවන්) කතා කරනවා. ඉතින් මුවත් අතින් පයින් කෙල්ල එක්ක කතා කරනවා. ඉතින් මෙන්න මේ අතරේ මුවාට ඕන වුණා කෙල්ල එක්ක නිදහසේ කතා කරලා වැඩේ කන්පර්ම් කරගන්න. ඉතින් මුවා දවසක් හිතාගෙනම ආවේ අදනම් නයනා එක්ක කතා කරනවාමයි කියලා. හැබැයි අපිනම් ටිකක් බයේ හි‍ටියේ මේ පොලොස් කොට්ටෝරුවා මොනවා කරගනීද කියලා. ඉතින් ඒ සොදුරු මොහොත ඊලග කොටසින්.

ප.ලි- ඔන්න ඉතිං කස්ටිය මල පන්න ගන්න එපා. එක දිගට ලියද්දි අමාරුයිනේ ඉතිං ඔන්න ඊලග කොටසනම් අන්තිම එකම තමයි     

3 comments:

  1. හොඳම ටික නැහැනෙ ........

    ReplyDelete
  2. තව ටිකෙන් පනිනවා

    ReplyDelete
  3. ලියපං කිව්වේ ඉතුරු ටික...

    ReplyDelete