Thursday, April 14, 2011

හැමදාම නැතුවට අද අලුත් වැඩක්....

   හැමදාම කොම්පියුටරේ ඉස්සරහට වෙලා එක එක බ්ලෝග් ගල් කැටවල ආතල් ගිතෙල් පොල්තෙල් ආටිකල් බලබල නැත්නම් පොරටෝක්ස් බෙදන ප්‍රබුද්ධ බ්ලොග් ගල් කැට කියවල ඔලුව ඉස්පයිත්තියන් කරගෙන එහෙමත් නැත්නම් එක එක රෑප බ්ලෝග් ගල් කැට කියවලා ආසාවල් අවුස්ස ගන්නේ නැතුව මම තීරණය කලා අද පටන මගේම අලුත් බ්ලෝග් ගල් කැටයක් නෙලනවා නෙවෙයි ලියනවා කියලා.

      ඔන්න ඉතින් උදේපාන්දර කුණුකෙල පිටින්ම වැඩේ පටන් ගත්තට මොකෝ හරියට ක්‍රමේ දන්න එකක්යැ. ඒත් ඉතින් අමාරැවෙන් අමාරැවෙන් ගැටගහගත්තා මගේ චාටර් ලෝකේ. මොකද මේ එලවංශ එහෙම ලේසියෙන් පස්ස කහන....සොරි සොරි ....පස්ස ගහන පොරක් නෙවෙයිනේ. ඉතින් ඔන්න හා හා හරි හාවා පුරා පුරා කියලා පටන් ගත්තු බ්ලෝග් ගල් කැටේ බලන්න නිතර නිතර එන්න කියලා කස්ටියටම ඉන්විටේෂන් පාරකුත් දානවා මම.
      ඉතින් එනවා වගේම ගුණ දොස් එහෙමත් කියලා කොමෙන්ට් එකක් එහෙම දැම්මට කව්රැවත් තරහා වෙන්නේ නෑ. ඉතින් ඔන්න මගේ බ්ලෝග් ගල් කැටේ පරමාර්ථ මොනවද කියලත් කියන එක මගේ යුතුක‍මනේ නේද මචං..ඔන්න පරමාර්ථ එකට ගොඩක්
  • මගේ ජීවිතේ චාටර් කේස් ටික හිතේ බරට කියලා දාන්න
  • අපේ සෙට් එකේ(ඉස්සරහට අදුන්නලා දෙන්නම්කෝ) සොමි වැඩ කිඩ ටික කියන්න.
  • රටේ තොටේ වෙන දේවල් මගේ චාටර් ඇහෙන් බලන විදිය කියන්න
  • අනම් මනං කියන්න ඕන කියලා හිතන දේවල් ටික කියන්න
 

2 comments:

  1. හොඳයි හොඳයි.. ලියමු ලියමු එහෙමනං

    ReplyDelete
  2. කිය කිය ලියමුකෝ එහෙනම්

    ReplyDelete