Saturday, May 28, 2011

මුවාගේ Love එක - අවසන් කොටස

ඔන්න ඉතින් ආදරණීය රසික රසිකාවියනි මුවාගේ සුපෙම්බර පෙම් පුරාණේ අවසන් කොටසට තමයි අපි එළඹිලා ඉන්නේ.ටිකක් පරක්කු වුණේ මගේ අන්තර් ජංජාල සම්බන්ධතාවේ ඇතිවුණු දෝෂයක් නිසා බව කරුණාවෙන් සලකන්න හොඳද.පරම කොටස් අමතක අයට සහ පරණ කොටස් කියවන්න බැරි වුණු අයට මෙන්න අවස්ථාව කියවලම එන්න පරණ ඒවා ටික.


ඔන්න කොල්ලනේ කෙල්ලනේ ජයග්‍රාහී දවස එළඹිලා තිබුණා. එදා තමයි මුවා තමන්ටම පොරොන්දු වුණේ අදනම් නයනා මුණගැහිලා අම්මපා හිතේ තියන ඒවා කියනවා විකාරෙන් වගේ කියලා. ඉතින් ඔන්න  අදාල දවසේ ක්ලාස් යන්න කියලා මං පාරට ආවා බස් එකේ නගින්න.මමයි මුවයි එක හෝල්ට් එකෙන් තමයි බස් කට්ටට නගින්නේ. යකෝ වෙනදා මං කලින් ඇවිත් කට කැඩෙනකං කන්ද පල්ලෙහා ඉදන් මුවාලගේ ගෙදර පැත්තට උඩුබුරන්න ඕන මෙන්න මූ අද ඇවිල්ලා ඉන්නවා තිහේ දශකේ මනමාලයෙක් හනිමූන් යන්න යනවා වගේ කිට් එකක් ගහලා. 
  අම්මට උඩු මුවා ඩෙනිමට ෂර්ට් එකක් ඇදලා.කවදාවත් නැතුව යටත් කරලා. ය‍කඩෝ....මෙන්න මූ ඉතිහාසේ පලවෙනි වතාවට කොණ්ඩෙත් පීරලා. පලාතම ඕඩිකොලොන් සුවදයි නංගිගේ ඕඩිකොලෝන් එක මූ ඇගේ චූ කරගත්තා වගේ හලාගෙන. ඉතිං කොහොම හරි මං දැක්කම මුට මල් හිනා වරුසාවයි. ඉතිං මං මුවාට උදේ පාන්දරම සුබපතලා නැග්ගා බස් එකට.


  ඔන්න කොහොමහරි ක්ලාස් එක පටන් ගන්න කලින් අපේ එකවුන්ට් ක්ලාස් එකත් තියනවනේ ඉතිං ඔන්න ඒක ඉවරවෙනකං මුවා එකවුන්ට් බිහිකරපු එවුන්ගෙත් දෙමව්පියන්ට පින්දිදී තමයි හිටියේ. ඉවරවුණු ගමන් මමයි.ජිම් කාරයයි.බූලයි.භූතයයි ඇදගෙන දුවගෙන පහලට ගියා. අපිත් නිකං මරන්න ගෙනියන හරක් වගේ මුවාගෙ පස්සෙන් ගියා. පහලදි කුලේ.ටුබේ.කබ්බා සෙට්වුණා. කුලේ ගියේ වෙන එකවුන්ට් ක්ලාස් එකකට. කබ්බයි.ටුබේයි කලේ ආට්. ඉතිං ඔන්න සෙට් එකම ක්ලාස් එකට රිංගුවා. මුවාගේ අලුත් පෙනුම දැක්ක ක්ලාස් එකේ කෙල්ලොත් කොළඹ ආපු බණ්ඩා දිහා බලනවා වගේ බලනවා කුසු කුසු ගානවා. ඉවරයක් නෑ. ඉතිං මුවා පුරුදු තැනම වාඩි වෙලා බැලුවා. හත්තලාමට පයින් ගහපි කිව්වා වගේ..කෙල්ලා නෑ..යාලුවෝ දෙන්නනම් කේක් ගෙඩි දෙකක් වගේ විරිත්ත විරිත්ත ඉන්නවා. දැන් මුවාගේ මල් පිපිලා තිබුණු මූණට කරන්ට් වැදුණා වගේ වුණා. 


  ඔන්න පන්තිය පටන් ගත්තා. සර් ක්ලාස් කරනවා මුවා බලං ඉන්නේ නයනා ඉන්න පේලිය දිහා. ඒත් කෙල්ල නෑ මු‍වගේ මූණ නිකං පියුස් ගියපු තොරණ වගේ වෙලා. ඔන්න ඉතිං කිරි බාප්පට පයින් ගැහුව වගේ විනාඩි පහක් යන්න ගියේ නෑ දැවැන්ත සූවක් මැදින් කෙල්ල හති දාගෙන ක්ලාස් එකට ආවා. අම්මට උඩු සතුට වැඩි කමට මුවා කබ්බගේ කණකුත් හැපුවා. කබ්බා පන්තිය මැද්දේ මුවාගේ දෙමව්පියෝ මතක් කරනවා. සර් අපිට වැඩි ඈතක නෙවෙයි නිසා මම කබ්බගේ කකුල පාගල යහපත් චරිතයක් වෙයන් කියලා අවවාදයක් දුන්නා.


   ඉතිං ඔන්න අපි ක්ලාස් එක කරන් යන අතරේ මුවාට එක එකා උපදෙස් දෙනවා ක්ලාස් ඉවර වෙලා කෙල්ලා මීට්වෙලා කරන්න ඕන දේවල් මොනවද කියලා. වැඩේ කියන්නේ ජීවිතේට ලව්කරලා නැති භූතයත් දෙනවා මරු උපදෙස්.


"මුවා උඹ කිසි දේකට බයවෙන්න එපා ඔය මොකා ආවෙ නැතත් මේ භූතයා ඉන්නවා උඹ එක්ක. උඹ කෙල්ල ලඟදි පුල් ගට ගණින්. අල්ලපන් කෙල්ලගේ අතින්. තියපන් දණ බිම. කියපන්....ජොවා දාකියාරෝ- නිබානා පඩේඟා කියලා"

භූතයාගේ උපදෙස් අහලා අපේ එවුන්ට ෆන් ලෝකයයි. මුවා වෙනුවෙන් පණ දෙන්න සූදානම් වෙච්ච භූතයා ක්ලාස් ඉවරවුණු ගමන් ආපු දුරකතන ඇමතුමකට පිළිතුරු වශයෙන් "සොරි මචං මුවා බෙස්ට් ඔප් ලක්" කියලා ආපු බස් එකේ එල්ලිලා ගියා. ඔන්න ඉතිං ක්ලාස් ඉවර වෙලා ප්‍රධානම හතරමං හන්දියේ බස් නැවතුමේ අපි සෙට් එකම ඉන්නවා. මේ වෙනකොට මුවා හිටියේ ටිකක් ගැහි ගැහී. ඔන්න කෙල්ලත් ආවා. යාළුවෝ දෙන්නා නෑ. කෙල්ල විතරයි. මේක තමයි එළම දවස මුවාගේ සිතැඟි කෙල්ලට කියන්න. අපි සෙට් එකේම තීරණේ වුණේ දැන් මුවාට කෙල්ල ටික ටික එක නිසා උන් දෙන්නට තනියම ඉන්න දීලා යන්න. ඉතින් මුවාත් පොර ටෝක් බෙද බෙද හිටියා. ආපු බස් එසේ සෙනග පුල්. නයනට තියා අපිටවත් නගින්න බෑ. ඒක වෙලාවට.ඒත් අපි සෙට් එක අමාරුවෙන් පුට් බෝඩ් එකේ එල්ලුනේ මුවා තනියම තියලා යන්න. අපේ එවුන් පුට් බෝඩ් එකේ එල්ලිලා හරී යාං ගෑවා..යකෝ මෙන්න මුවත් එනවා ඒකේ එල්ලෙන්න..දුන්නා ජිම් පයින් පාරක්..."තෝ ගිහිං අද ඕක දෙකෙන් එකක් බේරන් වරෙන්.." මුවා බැරි බැරි ගාණෙ නැවතුනා. අපි මුවාට ටටා කියලා ස්ටෑන්ඩ් යනවා. මුවයි නයනයි විතරය හෝල්ට් එකේ.

   විනාඩි 15 කින් විතර අපි ස්ටෑන්ඩ් එකට වෙලා ඇඟිලි හප හප නියපොතු වික වික ඉන්නවා. ඇයි යකෝ අතිජාත මිත්‍රයට මොකද වුණේ බලන්න. ක්ලාස් එක ගාවින් එන බස් ගණනාවක් ස්ටෑන්ඩ් ආවා මුවා නෑ.

"යකෝ මූ අදම හනි මූන් ගිහිල්ලද" බූලා අපෙන් අහනවා.

"නෑ නෑ බං ඕකට එච්චර හයියක් නෑ" ජිම් කියනවා.

ඔන්න එපාර විනාඩි 30 කින් විතර බස්එකක් ආවා. අම්මට උඩු මෙන්න මනමාල මුවා බහිනවා බස් එකෙන්..අපි කස්ටියම ඉස්සරහට ගියා..මුවාගේ මූණ නිකං දෙකේ හතරේ බෝම්බයක් වැදිලා වගේ..පැත්තක් කළුවෙලා පැත්තක් රතුවෙලා. අපි බැලුවා නයනා කෝ කියලා. නයනත් නෑ..අපි හිතුවා කෙල්ලා අකමැති වෙලා තමයි කියලා..ඉතිං අපි ක්‍රිකට් ජාතියක පොරවල් නේ. දෙපාරක්ම වර්ල්ඩ් කප් පයිනල් පරාදවෙලා ආපු අපේ ටීම් එක හරසරින් පිලිගත්තා වගේ ගියා ප්‍රේමයෙන් පරාජිත මුවා පිළිගන්න. අපි සේරම ගියා සෝකයෙන් මූණු පුරවගෙන.

 "මචං මොකද වුණේ" මම පැනපු ගමං ඇහුවා.

"වැඩක් නෑ බං" මුවා නිකං ඡන්දෙන් පැරදුනු රනිල් මහත්තයා කියනවා වගේ කිව්වා.

"හරි හරි දැන් මොකද වුණේ කියලා සම්පූර්ණ සිද්ධිය සංක්ෂිප්තව කියපන්" ටුබේ දුන්නා බුදු ටෝකක්. 

  දැන් මුවාට ඇඬෙන්න ඔන්න මෙන්න. ඌ අමාරුවෙන් කටහඬ අවදි කලා.

"උඹලා මාව එතන දාලා ආවට පස්සේ මං ටිකක් එතන කරකැවි කරකැවි හිටියා. කෙල්ලත් එතනම හිටියා. බස් ගාණක් ගියා බන් ඒකි නැග්ගේ නෑ...මට තේරුණා බං මේකි ඉන්නෙත් මං එක්ක කථා කරන්න ආසාවේ කියලා...ඉතිං මං ටික ටික ඒකිට ලං කලා"

"ඉතිං කියපං යකෝ ඇඩ් දාන්නේ නැතිව" මලපැනපු කබ්බා කෑ ගැහුවා

"ඉතිං බං ටික ටික කෙල්ලට ලං කලා කෙල්ලගේ අවුලක් නෑ..මං ඉතිං ඔන්න කථා කරන්න හැදුවා බං..අදහස් හිතට ගලාගෙන ගලාගෙන ආවා..මට ඒවා පෙලගස්සගන්න බැරිවුණා බං..මං ඒවා පෙලගස්සගන්න අතරේ ආවා බං ත්‍රීවීල් එකක්.."

"ත්‍රී වීල් එකක්...??" මං විකාරෙන් වගේ ඇහුවා.

"ඔව් බං ත්‍රී වීල් එක නැවැත්තුවා අපි දෙන්නා ඉස්සරහින්..ත්‍රීවීල් එක එලවං ආපු හාල්පාරුවා කෙල්ලගෙන් ඇහුවා..මූද? කියලා...කෙල්ල ඔව් කිව්වා..ත්‍රී විල් එක එලවං ආපු එකයි පිටිපස්සෙ හිටපු ‍තඩි කොල්ලෝ දෙන්නෙකුයි බැස්සා බං..දුන්නා මගේ කණ පිරෙන්න හතර වටේට දහයක් විතර...ගහල කිව්වා ආයෙත් කෙල්ල පස්සේ ආවොත් කඩනවා කිව්වා අඬු දෙකම..කියලා උන් නැග්ගා වීල් එකට කෙල්ලත් පාඩුවේ නැග්ගා වීල් එකට...ගියා උන්...මට හිතාගන්න බැරිවුණා බං...මං ඊළඟට ආපු බස් එකේ නැගලා ආවා බං...අනේ බං උන් ආයෙත් මට කෙළියිද?"

‍අපේ සෙට් එක මූණට මූණ බලාගෙන හෙමිහිට සේරම බිම බලාගත්තා.

                 - මුවාගේ Love එක නිමි -

ප.ලි - කොහොම වුණත් අද මුවා අහිංසක වැදගත් ගෑණු ළමයෙක් අපි සේරටම කලින් බැඳගෙන යහපත් පවුල් ජීවිතයක් ගත කරනවා. ලව් කරකර හිටපු අපි හිටිද්ද ඌ කලින්ම බැන්ඳේ ඌට තිබුණු හදිස්සියටනේ. කොහොම වුණත් මේ කතාව අපේ සෙට් එක අතර ජනප්‍රියම කතාවක්. කියන්නකෝ බලන්න මේක ගැන ඔබේ අදහස් එහෙම          

8 comments:

  1. උඹලා මහ පාප මිත්‍රයෝ බං.... පව් අහිංසකයා...

    ReplyDelete
  2. අහිංසක අපි මොනවා කරන්නද යකුනේ..හිටියන්ම සැපට කන්නත් තිබුණා

    ReplyDelete
  3. ඒකි යකාගෙ කෙල්ලෙක්නෙ බන්... හැබැයි උඹලත් කැත වැඩේනෙ කරල තියෙන්නෙ... මුවාව තනියම අහන්න යැව්වට තොපිට අහල පහලින් ඉන්න තිබුනනෙ...

    ReplyDelete
  4. ඒකනම් ඇත්ත..ඒත් අපි හිටියන්ම් මුවා ජීවිතේට ඒකි ලගට යන්නෑ

    ReplyDelete
  5. පට්ට මචො පට්ට

    ReplyDelete
  6. පට්ට මචො පට්ට ,,,ඇවිත් සප් එකක් දියන්
    www.sabithl.blogspot.com

    ReplyDelete