Monday, May 30, 2011

මේනකයාගේ ටූත් බ්‍රෂ් එක...


 ඔන්න ඉතින් මගේ තිබුණු ඇඟේ අමාරුවට ඕ ලෙවල් ඉවරකරලා ගෙදරට වෙලා සැපක් ගන්නේ නැතුව මටත් ඕන වුණානේ කොම්පියුටර් ඩිප්ලෝමාවකට බහින්න. ඉතිං ඒ දවස්වල අපේ ටවුන් එකේ හොඳ ප්ලෙස් එකක් තිබුණෙත් නැති නිසා මම සංක්‍රමණය වුණා කැළණි පුරේට. අම්මා කොච්චර සුන්දර පුරවරයක් ද. ගහක් ගලක් ගානේ ලස්සන කෙල්ලෝ. වෙන මොනවද ඉතිං. සැප තියෙන්නේ එහේනේ.


  මං නැවතුනේ කැළණියේ ‍නුවර පාරේ ඉඳන් ටිකක් බැහැලා පයින් යන දුර බෝඩිමක. හරි ෂෝක් ‍තැන. ඉස්සරහ කාමර දෙකෙන් එකක් තමයි මට දුන්නේ.බෝඩිමේ අන්කල් කාරයා රජයේ සේවකයෙක්. අයිස් මෝලක වැඩකරත් හරි හොඳ පොර. ඇන්ටිත් හරි අහිංසක ‍චරිතයක්. ඒකටත් හරියන්න හිටියේ පුතයි දුවයි දෙන්නම මරු ඩයල් දෙක. එයාලා ගැනත් තියනවා මරු ස්ටෝරීස් ඒවා පස්සට. ඉතිං ඔන්න බෝඩිමේ ඉස්තෝප්පුව දෙපැත්තේ රූම්ස් දෙකක් තිබුණා. එකක මම. අනිත් එකේ හිටියේ මට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් කොල්ලෝ දෙන්නෙක්. උන් දෙන්නත් කොහේද ජොබ් එකක ට්‍රේනින් යනවා.
  එකෙක්ගේ නම මේනක. හරි හොඳ එකා. පාඩුවේ ඉන්නවා හරි සොමි පොරක්. අනිත් එකා අමිල. ඌත් ඒ වගේමයි වෙනසකට තිබුණේ ටිකක් කටර් එක. මම වගේමයි. ඉතිං උන් දෙන්නා මාත් එක්ක හරි ඉක්මණට පිට් වුණා. කාමර දෙකක් තිබුණත් වැඩියෙන් අපි තුන්දෙනා හිටියේ එක්කෝ මගේ එකේ නැත්නම් උන්ගේ එකේ. ඉතිං අපි මරු මරු වැඩ කරනවා සෙට් වෙලා.

  ඔන්න ඉතිං දවසක් සෙනසුරාදා දවසක අපි සෙට් එකම බෝඩිමේ ඉන්න දවසක මගේ යළුවෙක්ගේ නංගි කෙනෙක්ගේ ජම්බු පාටියකට යන්න වෙලා තිබුණා. ඉතිං මං තනියම යන නිසා ත්‍රී වීල් එකක් සෙට් කරගත්තා මහරට යන්න. ඉතිං එදා උදේ අපේ ක්ලාස් එකේ ගෑණු දරුවෙක් දිගටම මට කෝල් කරනවා ඉවරයක් නෑ. ඉතිං මට උදේ වෙන වැඩක් නෑ මේකිගේ කෝල්වලට ආන්සවර් කරනවා ඇර. ඉතිං අපිට බෝඩිමේ පැත්තක වෙන බාත්රූම් එකක් හදලා දීලයි තිබුණේ. අමිලයයි මේනකයයි සෙනසුරාදා නිසා ටිකක දවල් වෙනකං නිදි. මං පෝන් එකත් ‍කනේ තියාගෙනමයි බාත් රූම් එකට රිංගුවේ.
   අපේ මේනකයගේ මහ කැත පුරුද්දක් තියනවා රෑට දත් මදින්නේ කොමඩ් එකේ වාඩිවෙලා ඉඳගෙන ඒක නම් කැත පුරුද්දක නෙවෙයි ‍ගොඩක් එවුන් කරන එකක්නේ එත් මුගේ වැඩේ එහෙම දත් මැදලා බ්‍රෂ් එකේ හෙල්මට් එක(අර වැහෙන්න දාන ක‍වර් එක) දාලා කොමඩ් එකේ බොක්ස් එක උඩින් තියලා යනවා අමතක වෙලා. ඕක කවදත් එහෙමයි. ඉතිං එදා මං හදිස්සයට කොමඩ් එකේ ලැගලා වැඩේ කරලා වතුර පාරක් දුන්නා විතරයි එකේන් ආපු දෙදරිල්ලට බොක්ස් එක උඩ තිබුණු මේනකයගේ දත් බුරුසු රාජයා පතබෑවුණේ නැතැයි කොමඩ් එකට. මෙහෙම කොමඩ් කටට පැනපු බ්‍රෂ් රාජය එක පාරක් ගිලිලා උඩ ඇවිත් පාවෙනවා. මට නේද කෙළ හිඳුනා. මේනකයා මේ බ්‍රෂ් එකට සලකන්නේ දෙයියෙක්ට වගේ. මොනවා කරන්නද හෙණ ගේමක් දීලා බ්‍රෂ් එක අරන් ටැප් එකට අල්ලලා තිබුණු තැනින් තිව්වා. මම එළයට යනකොට අරන් ගිහින් විසිකරන්නන හිතන් තමයි එතන තිබ්බේ කරුමේ කියන්නේ මම එළියට එන්න හදනකොටම අර කෙළි පොඩිත්ත ආපහු කෝල් කලා. ඉතිං මං පෝන් එකත් කනේ ගහගෙනම එළියට බැස්ස. අම්මට උඩු මට අමතක වුණා මේනකයගේ බ්‍රෂ් එක විසිකරන්න.

  මම දඩ බඩ ගාලා ඇඳගත්තා. මගේ කලබලේට මේනකයට කියන්නත් බැරිවුණා යනවා කියලවත්. නැත්නම් මට බ්‍රෂ් එකේ සිද්ධිය මතක් වෙනවා. ඒත් කරුමේ කියන්නේ සේරම වුණේ කරුමෙට වගේ මං ඇඳගෙන ඉවර වෙද්දිම ත්‍රීවීල් එකත් ආවා. මං ඇන්ටිට කියලා ටක් ගාලා ත්‍රීවීල් එකේ එල්ලුනා. දැන් මං යනවා පුල් ෂපාන් එකේ...
 ඉතිං ඔන්න මං යන ත්‍රීවීල් එක සිරා වීල් එකක්. හරියට දේවාලයක් වගේ. මල් ගහලා. මල් මාලා දාලා. දේව රෑප පේලියයි පිස්සු හැදෙනවා. ඉතිං මේක යන්න ආස හිතෙන වීල් එකක්. මං ඉතිං ඔහොම ත්‍රීවීල් එකේ හැඩ බල බල ඉන්න අතරේ දැක්කා වීල් එකේ ඉස්සරහ තියනවා කොහු බ්‍රෂ් එකක් දූවිලි පිහදාන්න. අම්මට උඩු...මට ඒක දැක්ක ගමන් තරු විසිවුණා..දෙයියනේ අර යකාගේ බ්‍රෂ් එක විසිකරන්න බැරිවුණා නේද කියලා..ඒත මට හරියටම මතක නෑ විසිකරාද නැද්ද කියලා...මල කෙලියයි..මට කරන දෙයක් මතක් වෙන්නෙත් නෑ දාඩිය දාන්නත් පටන් ගත්තා...

   මං ටක් ගාලා කෝල් එකක් ගත්තා මේනකයට...රින්ග් වෙනවා වෙනවා මූ ගන්නෑ...ආයෙත් ගත්තා...ඔන්න යන්තම් මූ ගත්තා..
මේනක - හෙලෝ...උඹ යන ගමන්ද?

මම - ඔව් යකෝ...ඒක නෙවෙයි උඹ දත් මැද්දද?
(ඔන්න මේනකයට මල පැන්නා)

මේනක - මොකා..තෝ ආතල් ගන්නවද? මං කොහොමත් තොපි වගේ 
               නෙවෙයි..පාන්දරින් දත්මදිනවා..අදත් එහෙම තමයි..අද
               තෝ මට කලින් මැද්ද කියලද ‍මේ ගොන් පාට් දාන්නේ
මම- නෑ...බං මගේ අතිං පොඩි අවුලක් වුණා...

මේනක -  මොකක්ද?...මොකක්ද අවුල..?
මම -  මගේ අතිං උඹේ බ්‍රෂ් එක කොමඩ් එකට වැටුණා...

මේනක - මොකා.....
මම - අනේ සොරි බං කියන්න බැරි වුණා...

මේනක - මොකා... _ _ _ ගේ පුතෝ..
මම - අනේ සොරි බං...

   කියන්න වුණෙත් නෑ හුටස් ගාලා පෝන් එක කට් වුණා. මං ගන්නවා ගන්නවා මූ ගන්නේ නෑ. දැන් මටත් හොඳටම අප්සට්..ඒත් ඉතිං වුණ‍දේ වුණා මොනා කරන්නද. ඉතිං ඔන්න මගුල් ගෙදරට ලංවෙද්දි මෙන්න බොලේ කෝල්  එකක් එනවා අමිලයගෙන්..මට හිතුනා කුණුහරුප වරුසාවක් තමයි කියලා. මං පෝන් එක කණට අඩියක් විතර එහායින් තියලා ආන්ස්වර් කලා
මම - හෙලෝ

අමිල -  හෙලෝ...මොකක්ද යකෝ තෝ මේනකයට කලේ?
මම - ඇයි බං...මොකුත් අවුලක් ද( මං දන්නෑ වගේ ඇහුවා)

අමිල - අනේ මං දන්නෑ උඹේ කෝල් එකට ආන්සවර් කලා එකපාරටම 
             පෝන් එක තිබ්බා දිව්වා පිටිපස්සට...අන්න දෙල් ගහ 
           බදාගෙන වමනේ කරනවා මොකාද වගේ...
මම - අම්මට උඩු..එහෙමද?

අමිල - අනේ මංදා...ඌ බඩදරු වෙන්න එනවාද දන්නෑ...

5 comments:

  1. තෝ වගේ එකෙක් තියන්න වටිනවද ඉතිං.... උඹ ඊට පස්සෙ ගුටි කාපු සීන් එකත් දාපන්.. :)

    ReplyDelete
  2. හක හක....කැ සිද්දිය නෙ...
    ඇවිත් සප් එකක් දිපන්..www.sabithl.blogspot.com

    ReplyDelete
  3. ඔය අනිත් එවුන් කොහොමද මලේ දන්නේ උඹ ගුටි කාපු බව... පොරත් හිටියද දන්නේ නෑ...

    ReplyDelete
  4. අනේ බං ඔහොම කියන්න එපා...කලබලේටනේ යකුනේ..
    කව්ද කියන්නේ මං ගුටි කෑවා කියලා...එහෙම ගුටිකනවද මේ දකුණෙ කොල්ලෝ

    ReplyDelete
  5. http://www.cinelanka.net/2011/12/sorcerers-apprentice.html

    ReplyDelete