ඔන්න මේ සැරේ සම්බුද්ධත්ව ජයන්තියට අපේ ගමේ පන්සලේ ධර්ම දේශනා සතියක් පවත්වන්න තීරණේ කරලා තිබුණා. ඉතින් පලවෙනි දවසේ අපේ සෙට් එකේ මමයි. කබ්බයි. ධනියයි යන්න සෙට්වුණා. ගමේ වැඩේනේ. තව ඉතින් කාලෙකින් බණක් ඇහුවෙත් නැති නිසා අපි තුන්දෙනා බණ අහන්න ගියා.
ඔන්න ඉතින් අපි බණ මඩුවට යද්දිත් හාමුදුරුවෝ ආසනේට වැඩලා බණ පටන් ගන්න පන්සිල් දෙනවා. හාමුදුරුවෝ කව්ද කියලා දැක්කම අපේ ඉහමොල රත්වුණා. විද්‍යාරතනේ ලොකු හාමුදුරුවෝ..අනිවා අදනං ගමේ ඇත්තෝ බරගාණක් අමු බැණුම් අහනවා වගේම අන්තිමට ගමේ සේරම එකතුවෙලා හාමුදුරුවන්ටත් බනිනවා ෂුවර්.